1

පළමුව: දුආ ප්‍රාර්ථනාවෙහි නියැලෙන තැනැත්තා අවංක ලෙස අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු ය. තව ද, සිය ප්‍රාර්ථනා ඉටු කර දීමට ශක්තිය ඇත්තා අල්ලාහ් පමණක් බව ඔහු තුළ ස්ථීර හා මනා අවබෝධයක් තිබිය යුතු ය. එමෙන් ම, අල්ලාහ් නොවන වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර්ථනා නොකළ යුතු අතර, ඔහු හැර නබිවරයකු හෝ අල්ලාහ්ගේ ස්නේහයට පාත්‍ර වූ අයකු හෝ දැහැමි පුද්ගලයකු හෝ දේව දූතවරයකු හෝ ඔවුන් හැර අන් කවරකු වුව ද මැදිහත්කරුවකු වශයෙන් නොගත යුතු ය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. “ඔබලා අල්ලාහ් ට පමණක් දහම පුද කරමින් අවංක ලෙස ඔහුට කන්නලව් කරන්න.” (අල්ගාෆිර්:14)

1/16