1

හිතාදර මුස්ලිම්වරයාණෙනි, දැනගන්න! ඔබ ඔබේ පරමාධිපති මත යැපෙන්නෙකි. උත්තරීතරි අල්ලාහ්ගේ භාග්‍ය හේතුවෙන් ඔබ පොහොසත් ව ජීවත්වන්නෙකි. ඔබ වෙත දේව දූත නබි නායකතුමාණන් විසින් ප්‍රකාශිත ප්‍රාර්ථනාවන් කිහිපයක් ඉදිරිපත් කර ඇත්තෙමු. ඒවා යහපත් කරුණු සියල්ල එක්රැස් කරන ප්‍රාර්ථනාවන් කිහිපයක් ය. ඒවායින් ඔබට කටපාඩම් කළ හැකි ඒවා කටපාඩම් කර ගන්න. බොහෝ ප්‍රාර්ථනා ඔබේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ය. මන්ද, ඒවායෙහි වදන් කෙටි වූවත් ඒවායෙහි අභ්‍යන්තර අදහස බොහෝ පුළුල් ය. ඔබ කළ යුත්තේ ඔබේ පරමාධිපතිට අවනත වීම සහ ප්‍රාර්ථනාවේ නියැලෙන අවස්ථාවේ ඔබේ සිත එක්තැන් කරගැනීම පමණි.

1/1