7

«اللَّهُمَّ إِنِّي عَبْدُكَ ابْنُ عَبْدِكَ ابْنُ أَمَتِكَ نَاصِيَتِي بِيَدِكَ مَاضٍ فِيَّ حُكْمُكَ عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوْ أَنْزَلْتَهُ فِي كِتَابِكَ أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِي وَنُورَ صَدْري وَجِلَاءَ حُزْنِي وَذَهَابَ هَمِّي»
{وهو دعاء الهم والحزن}

අල්ලාහුම්ම ඉන්නී අබ්දුක ඉබ්නු අබ්දික ඉබ්නු අමතික, නාසියතී බියදික, මාලින් ෆිය්ය හුක්මුක, අදලුන් ෆියිය කළාඋක, අස්අලූක බිකුල්ලි ඉස්මින් හුව ලක සම්මෙයිත බිහී නෆ්සක, අව් අල්ලම්තහූ අහදන් මින් කල්කික, අව් අන්සල්තහූ ෆි කිතාබික, අවි අස්තඃසර්ත බිහි ෆි ඉල්මිල් ගයිබි ඉන්දක අන් තජ්අලල් කුර්ආන. රබීඅ කල්බී වනූර සද්රී වජිලාඅ හුස්නී වදගාබ හම්මී.

“යා අල්ලාහ්, සත්‍ය වශයෙන් ම මා ඔබේ ගැත්තෙකි. ඔබේ ගැත්තෙකුගේ හා ගැත්තියකගේ පුතෙකි. මගේ නළලේ ඉදිරි කෙස් රොද ඔබ අතේ ය. ඔබේ තීන්දුව මා කෙරෙහි ක‍්‍රියාත්මක වෙමින් පවතී. මට හිමි නීතිය එය යි. ඔබට ම විශේෂ වූ ද, ඔබ විසින් ඔබට ම නම් කළා වූ ද, ඔබේ ධර්ම ග්‍රන්ථයේ සඳහන් කළා වූ ද, ඔබේ ගැත්තන්ගෙන් කෙනෙකුට ඔබ ඉගැන් වූ ද, සැඟවුණු දෑ දැනගැනීමේ ඔබේ ඥානයෙහි ඔබ ආරක්ෂා කර තැබුවා වූ ද, සෑම නාමයකින් ම ‘අල් කුර්ආනය (දේව ධර්මය) මගේ හදවතේ වසන්තය හා ආලෝකය බවට පත් කර, මගේ දුක හා ශෝකය දුරු කරන්නැ’ යි මම ඔබෙන් අයැඳ සිටිමි.”

දුක, ශෝකය දුරු කිරීම සඳහා වූ ප්‍රාර්ථනාවකි.

7/19