16

«اللهُمَّ إِنِّي أَسْأَلُكَ الثَّبَاتَ فِي الْأَمْرِ، وَالْعَزِيمَةَ عَلَى الرُّشْدِ، وَأَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ، وَعَزَائِمَ مَغْفِرَتِكَ، وَأَسْأَلُكَ شُكْرَ نِعْمَتِكَ، وَحُسْنَ عِبَادَتِكَ، وَأَسْأَلُكَ قَلْبًا سَلِيمًا، وَلِسَانًا صَادِقًا، وَأَسْأَلُكَ مِنْ خَيْرِ مَا تَعْلَمُ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا تَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا تَعْلَمُ، إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ»
{في الحديث أنها خير من كنز الذهب والفضة}

අල්ලාහුම්ම ඉන්නී අස්අලුකස් සබාත ෆිල් අම්රි, වල්අසීමත අලර් රුෂ්දි, වඅස්අලුක මූව්ජිබාති රහ්මතික, වඅසාඉම මග්ෆිරතික, වඅස්අලුක ෂුක්ර නිඅඃමතික, වහුස්න ඉබාදතික, වඅස්අලුක කල්බන් සලීමන්, වලිසානන් සාදිකා, වඅස්අලුක මින් (ක)හයිරි මා තඃලමු, වඅඌදුබික මින් ෂර්රි මා තඃලමු, වඅස්තග්ෆිරුක ලිමා තඃලමු, ඉන්නක අන්තල් අල්ලාමුල් ගුයූබ්.

යා අල්ලාහ්, දහමෙහි ස්ථාවරභාවය මම ඔබෙන් ඉල්ලා සිටිමි. හොඳ සහ නිවැරදි දෑ කිරීමේ අධිෂ්ඨානය ලබා දෙනු මැන! ඔබේ කරුණාව ලැබීමට හේතුවන කාරණාවන් හා ඔබේ සමාව ලැබෙන ක්‍රියාවන් හා වදන් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබේ භාග්‍යයන් සඳහා කෘතවේදය පුද කිරීමේ හා ඔබට යහපත් අයුරින් වන්දනාමාන කිරීමේ භාග්‍යය මම ඔබෙන් ඉල්ලා සිටිමි. නිරෝගී හදවතක් මෙන් ම, සත්‍යය ප්‍රකාශ කරන දිවක් මට ලබා දෙනු මැන! ඔබ දන්නා දැයින් යහපත මම ඉල්ලා සිටිමි. ඔබ දන්නා අයහපතෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ දන්නා මාගේ පාපයන් වෙනුවෙන් මම ඔබෙන් පාපක්ෂමාව අයැඳ සිටිමි. සැබැවින් ම, ඔබ ගුප්ත කරුණු සියල්ල වඩාත් හොඳින් දන්නේ ඔබ යි.

රන්රිදී නිධානවලට වඩා මෙම ප්‍රාර්ථනාව උතුම් බව හදීස් හි වාර්තා වේ.

16/19