13

«اللهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا تَحُولُ بَيْنَنَا وَبَيْنَ مَعَاصِيكَ، وَمَنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ، وَمَنَ الْيَقِينِ مَا تُهَوِّنُ عَلَيْنَا مَصَائِبَ الدُّنْيَا، اللهُمَّ أَمْتِعْنَا بِأَسْمَاعِنَا، وَأَبْصَارِنَا، وَقُوَّتِنَا مَا أَحْيَيْتَنَا، وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا، وَاجْعَلْ ثَأْرَنَا عَلَى مَنْ ظَلَمْنَا، وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَا، وَلَا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا، وَلَا تَجْعَلِ الدُّنْيَا أَكْثَرَ هَمِّنَا، وَلَا مَبْلَغَ عِلْمِنَا، وَلَا تُسَلِّطْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُنَا»

අල්ලාහුම්ම අක්සිම් ලනා මින් (ක)හෂ්යතික මා තහූලු බයිනනා වබයින මආසීක,වමින් තාඅතික මා තුබල්ලිගුනා ජන්නතක, වමිනල් යකීනි මා තුහව්විනු අලෙයිනා මසාඉබද් දුන්යා, අල්ලාහුම්ම අම්තිඃනා බිඅස්මාඉනා වඅබ්සාරිනා වකුව්වාතිනා, වජ්අලිල් වාරිස මින්නා, වජ්අල් සඃරනා අලා මන් ළලමනා,වන්සුර්නා අලා මන් ආදානා, වලා තජ්අල් මුසීබතනා ෆී දීනිනා,වලා තජ්අලිද් දුන්යා අක්බර හම්මිනා වලා මබ්ලග ඉල්මිනා, වලා තුසල්ලිත් අලෙයිතා මන් ලා යර්හමුනා.

“යා අල්ලාහ්, ඔබට පටහැනි ව ක්‍රියාකිරීම අතර හා අප අතර බාධකය වන ඔබ පිළිබඳ භැතිමත්කම අප වෙනුවෙන් වෙන්කර දෙනු මැන! ඔබේ ස්වර්ගය වෙත අප කැඳවාගෙන යන ඔබට අවනත වීමේ ගුණාංගය අප වෙනුවෙන් වෙන්කර දෙනු මැන! මෙලොව දුක්කරදර පහසු කරවන ඔබ මත වූ විශ්වාසය අප වෙනුවෙන් වෙන්කර දෙනු මැන! යා අල්ලාහ්, අපගේ සවන් අපගේ දෘශ්‍යයන් හා අපගේ ශක්තීන් මඟින් අප ජීවත් ව සිටින තාක් සුවය විඳීමට සලසනු මැන! අප මරණයට පත් වන තාක් ඒවා නීරෝගී ව තබනු මැන! අපට අසාධාරණකම් කළ උදවියගෙන් යුක්තිසහගත ලෙස පළිගැනීමට අවස්ථාව උදා කර දෙනු මැන! අපට එදිරිවාදීකම් කරන අයට විරුද්ධ ව අපට උදවු කරනු මැන! අපගේ අයහපත හා කරදරය අපගේ දහමෙහි ඇති නොකරනු මැන! මෙලොව ජීවිතය අපගේ අපේක්ෂාව ලෙස පත් නොකරනු මැන! තව ද, එය අපේ අධ්‍යාපනය හැදෑරීමේ අරමුණක් බවට ද පත් නොකරනු මැන! අපට කරුණාව දයාව නොපෙන්වන අයෙකු අප හට පාලකයකු ලෙස පත් නොකරනු මැන!”

13/19