2

«اللهُمَّ رَبَّ جَبْرَائِيلَ، وَمِيكَائِيلَ، وَإِسْرَافِيلَ، فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ، أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ، اهْدِنِي لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ، إِنَّكَ تَهْدِي مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ»
{وهو من أدعية استفتاح الصلاة، خاصة في صلاة قيام الليل}
{ويقال عند التباس الحق وورود الشبهة على القلب}

අල්ලාහුම්ම රබ්බ ජිබ්රායීල් වමීකායිල් වඉස්රාෆීල් ෆාතිරස් සමාවාති, වල් අර්ළි ආලමල් ඝයිබි වෂ්ෂහාදා. අන්ත තහ්කුමු බයින ඉබාදික ෆී මා කානු ෆීහි යහ්තලිෆූන්. ඉහ්දිනි ලිමක්තුලිෆ ෆීහි මිනල් හක්කි බි ඉද්නික, ඉන්නක තහ්දී මන්තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්.

යා අල්ලාහ්, ජිබ්රායිල්, මීකායිල් හා ඉස්රාෆීල් යන අයගේ පරමාධිපතියාණනි, අහස් හා පොළොවේ මැවුම්කරුවාණෙනි, සැඟවුණ හා දෑස් ඉදිරියේ ඇති සියල්ල පිළිබඳ දැනුමැත්තාණෙනි, ගැත්තන් අතරේ යම් යම් කරුණු ගැන පවත්නා මතභේ‍ද පිළිබඳ සාධාරණ තීරණයක් ගනු මැන! සත්‍යය පිළිබඳ යම් මතභේදයක් වී නම්, ඔබේ අනුමැතිය පරිදි මා හට නිසි මඟ පෙන්වනු මැනව! සත්‍ය වශයෙන් ම ඔබ කැමති අයට සෘජු මඟ පෙන්වයි.

මෙම ප්‍රාර්ථනාව ද සලාතය ආරම්භයේ දී කිව යුතු, විශේෂයෙන් රාත්‍රී සලාතයේ ආරම්භයේ දී කිව යුතු ප්‍රාර්ථනාවකි. සත්‍යය ව්‍යාකූල වී, හදවතේ යම් සැකයක් ඇති වන විට ද මෙය කියනු ලැබේ.

2/16