24

يستحب للداعي بعد الثناء على الله تعالى أن يصلي على النبي صلى الله عليه وسلم
(اللَّهُمَّ صَلِّ وَسَلّم عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ)

දුආ ප්‍රාර්ථනාවෙහි නියැලෙන තැනැත්තා විසින් අල්ලාහ් ව ප්‍රශංසා කොට, පසු ව නබිතුමාණන් හට සලවාත් පැවසීම සුභදායී කරුණක් ලෙස සැලකේ. සලවාත් පැවසීමේ වදන් පෙළක් පහත සඳහන් වේ.

“අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.”

තේරුම: “යා අල්ලාහ්, ඉබ්රාහීම්තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ උදවියට ශාන්තිය පහළ කළා සේ ම, මුහම්මද්තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ උදවියට ද ශාන්තිය හා ආශිර්වාදය පහළ කරනු මැන”

24/24