10

«اللهُمَّ رَبَّ السَّمَوَاتِ وَرَبَّ الْأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ، فَالِقَ الْحَبِّ وَالنَّوَى، وَمُنْزِلَ التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْفُرْقَانِ، أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ، اللهُمَّ أَنْتَ الْأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٌ، وَأَنْتَ الْآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ، وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ، وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ، اقْضِ عَنَّا الدَّيْنَ، وَأَغْنِنَا مِنَ الْفَقْرِ»

අල්ලාහුම්ම රබ්බස් සමාවාති වරබ්බල් අර්ළි වරබ්බල් අර්ෂිල් අළීම්, රබ්බනා වරබ්බ කුල්ලි ෂයිඉන්, ෆාලිකල් හබ්බි වන්නවා, වමුනස්සිලුත් තව්රාත වල් ඉන්ජීලි වල්ෆුර්කාන්, අඌදුබික මින් ෂර්රි කුල්ලි ෂයිඉන් අන්ත ආ(කි)හිදුන් බිනාසියතිහි, අල්ලාහුම්ම අන්තල් අව්වලු ෆලයිස කබ්ලක ෂයිඋන්, වඅන්තල් ආ(කි)හිරු ෆලයිස බඃදක ෂයිඋන් වඅන්තල් ළාහිරි ෆලයිස ෆව්කක ෂෙයිඋන්, වඅනකල් බාතිනු ෆලයිස දූනක ෂෙයිඋන්, ඉක්ළි අන්නද් දයින, වඅග්නිනා මිනල් ෆක්ර්

යා අල්ලාහ්, අහස් හා මහපොළවේ මෙන් ම ඉමහත් අර්ෂ් හි අධිපතියාණෙනි, අපගේ හා සියලු දෑහි අධිපතියාණෙනි, බීජ හා ඇට පැළෙන්නට සලස්වන්නාණෙනි, තව්රාත්, ඉන්ජීල් හා අල්කුර්ආනය පහළ කළ තැනැත්තාණෙනි, සෑම දෙයක ම අයහපතින් මම ඔබෙන් ආරක්ෂාව පතමි. සියලු කරුණෙහි මූලාරම්භය ඔබ සතු ව පවතින්නේය. යා අල්ලාහ්, ප්‍රථමයා ඔබ ය. ඔබට පෙර කිසිවක් නැත. අවසානයා ද ඔබ ය. ඔබට පසු කිසිවක් නැත. මතුපිටින් සිටින්නා ද ඔබ ය. ඔබට ඉහළින් කිසිවක් නැත. අභ්‍යන්තර ව සිටින්නා ද ඔබ ය. ඔබට පහළින් කිසිවක් නැත. ඔබ අපගේ ණය බර ඉවත් කරනු මැන! දුගීභාවයෙන් අප මුදවා ගනු මැන!

10/24