5

පස්වනුව: දුආ ප්‍රාර්ථනා කරන්නාගේ ආහාර පාන තහනමට ලක් වූ අධාර්මික ඉපැයීම්වලින් නොවිය යුතු ය. මන්ද, එය ප්‍රාර්ථනා ඉටු වීමට ඇති ප්‍රධාන බාධකයකි .ඒ බව පහත සඳහන් මෙම නබි වදනෙහි සඳහන් වේ. “මිනිසෙක් දිර්ඝ ගමනක නිරත වේ. ගමන් විඩාවෙන් පීඩාවට පත් ව සිටි ඔහු‌ගේ හිසකෙස් විසිරී, වස්ත්‍රය අවලස්සන වූ අයුරින් පවතී. එවැනි අවස්ථාවක සිය දෑත අහස දෙස ඔසවා අහෝ දෙවිඳුනි! අහෝ දෙවිඳුනි! යැයි ප්‍රාර්ථනා කරයි. නමුත්, ඔහුගේ ආහාරය හරාම්: එනම් තහනමට ලක් වූ මාර්ගයෙන් උපයා ගෙන තිබිණි. ඔහුගේ පානය හරාම්: එනම් තහනමට ලක් වූ මාර්ගයෙන් උපයා ගෙන තිබිණි. ඔහුගේ වස්ත්‍රය හරාම්: එනම් තහනමට ලක් වූ මාර්ගයෙන් උපයා ගෙන තිබිණි. තහනමට ලක් වූ දැයින් ම ඔහු පෝෂණය වී තිබිණි. මෙවැනි තත්ත්වයක් මත ඔහුගේ ප්‍රාර්ථනාව කෙසේ නම් පිළිගැනීමට ලක් වේ ද?”

5/16