4

හතරවනුව: පාපකර්මයන් සිදු කිරීමෙන් ඔබ අල්ලාහ් දෙවිඳුන්ගෙන් කොතරම් ඈත් ව සිටිය ද, සර්ව බලධාරි අල්ලාහ් ඔබගේ පසුතැවිල්ල හා ඔහු වෙත නැඹුරු වීම පිළිබඳ සතුටට පත් වේ. ඔහුගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන්වීම හෝ තම ප්‍රාර්ථනාවන් ප්‍රතික්ෂේපයට ලක් වේ යන සිතුවිල්ල තමන් තුළ ඇති වීමට ඉඩ සලසා දිය නොයුතු ය. ඔහු අවශ්‍යතාවන්ගෙන් තොර වූවත්, ඔහු ඔබගේ පසුතැවිල්ල හා ඔහු වෙත නැඹුරු වීම ගැන සතුටට පත්වන බව සිතන්න. “සැබැවින් ම අල්ලාහ් සියලු පාපයන් කමා කරනු ඇත.” සහ “නබිවරය, ඔබෙන් මා පිළිබඳ මාගේ ගැත්තන් විමසා සිටියේ නම් ඔවුනට දන්වන්න; මා ඉතා සමීපය, කවරෙකු හෝ මාගෙන් කන්නලව් කළේ නම්, ඔහුගේ කන්නලව්වට මා පිළිතුරු දෙමි.” යන අල්ලාහ්ගේ වදන් විටින් විට මෙනෙහි කර ගන්න.

4/16