මැතිරීමේදී සැලකිලිමත් විය යුතු කොන්දේසි හා වැදගත් කරුණු ස්වල්පයක් පහත සඳහන් වේ.
1- එම මැතිරීම අල්කුර්ආන් හා සුන්නාහ්වල සඳහන් නිවැරදි හා සම්මත ක්‍රමයට අනුකූල විය යුතුයි. එ් මැතිරීම කරන ක්‍රමය තුළ හෝ එහි වදන් තුළ තහනම්, නූතන හා ශිර්ක් නොහොත් ආදේශ යනාදිය ඇතුළත් නොවිය යුතුයි.
2- තම පරමාධිපතියාණන් වූ අල්ලාහ් මත පූර්ණ විශ්වාසය තබා ඔහු සමඟ තම සම්බන්ධතාව පවත්වා ගත යුතුයි. තවද මෙම මැතිරීම වනාහි අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව එයට කිසිදු හෝ බලපෑමක් කිරීමට හැකියාවක් නොමැති බව තමන් විසින් අවබෝධ කර ගත යුතුයි.
3- අත්හදා බැලීමක් වශයෙන් පමණක් මෙම මැතිරීම නොකළ යුතුයි. එය සිදු කළ යුත්තේ එහි බලපෑමක් ඇති බවට වූ පූර්ණ විශ්වාසයත් සමඟ ය. ඒ අනුව මැතිරීම් කරන්නා හා මැතිරීමට ලක් වන්නා යන දෙපළ තුළ මෙම මැතිරීම පිළිබඳ හා එමඟින් සුවය ලබා ගත හැකි බවට වූ විශ්වසාය අනිවාර්ය වේ.
4- ශුද්ධ වූ අල්කුර්ආනයේ අන්තර්ගත සියලු වර්ගයේ වදන් සුවයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: විශ්වාසවන්තයින් සඳහා දයාව හා නිවාරණය ඇති දෑ අල්කුර්ආනයෙන් අපි පහළ කළෙමු.
5- රෝගියා තමා විසින් ම තමන් සඳහා මතුරා ගැනීම නිර්දේශිත හා වඩාත් උචිත කරුණකි.මන්ද සිය අවශ්‍යතාවය හා අසරණකම අවංක ලෙස පිළිබිඹු කරමින් ඒ මැතිරීම ඔහු විසින් සිදු කරනු ලැබේ. එහෙයින් එසේ කිරීම ඔහුට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.