9
තම ප්‍රාර්ථනාව තුළ අල්ලාහ් කෙරෙහි ප්‍රශංසාව හා පැසසුම ඇතුළත් කිරීම. මන්ද යත්, අල්ලාහ් තම ගැත්තන් තමන් ව ප්‍රශංසා කිරීමෙහි නිරත වීම ප්‍රිය කරන්නේය. එම ප්‍රිය කිරීම වනාහි යම් වන්දනාමානයක් තුළ එම ගැත්තා නිරත කරවීමේ අරමුණින් මිස අල්ලාහ් ඒ කෙරෙහි අවශ්‍යතාව ඇත්තෙකු යන අදහසින් නොවේ. මන්ද, අල්ලාහ්ට තම ගැත්තන්ගෙන් කිසිවක් අවශ්‍ය නොවේ. නබිතුමාණන් පැවසූ බව ඉබ්නු මස්ඌද් (රළි) තුමාණන් විසින් සඳහන් කළ නබි වදනක් බුහාරි හා මුස්ලිම්හි මෙසේ සඳහන් වේ. “අල්ලාහ්ට වඩා ප්‍රශංසාව ප්‍රිය කරන වෙනත් කිසිවක් නැත. ඔහු තමා විසින් ම තමා ව ප්‍රශංසාවට ලක් කර ඇත්තේ එනිසාවෙනි.”