8
තම ප්‍රාර්ථනාව ශබ්ද නඟා ප්‍රාර්ථනා නොකළ යුතු ය. එය සිදු කළ යුත්තේ නිහඬ ව ය. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි. “ඔබේ පරමාධිපති ව බැගෑපත් ව හා නිහඬ ව ඇරයුම් කරන්න.” (අල්අඃරාෆ්: 55) දුආ ප්‍රාර්ථනාව නිහඬ ව සිදු කිරීම ඉ(ක්)හ්ලාස් නම් අවංකත්වයට ඉතා සමිප ය. සකරියියා (අලෛ) තුමාණන්ගේ ප්‍රාර්ථනාව අල්ලාහ් විසින් පැසසුමට ලක් වූයේ ඒ හේතුවෙනි. ඒ බව උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. “ඔහු තම ස්වාමියා ව නිහඬ ව ඇරයුම් කළේය.” (මර්යම්:3) අල්කුර්ආනයට විවරණය ලබා දෙන විද්වතකුගේ මතයට අනුව එතුමාණන් එසේ සිදු කළේ අවංකත්වය අපේක්ෂා කරමිනි.