උත්තරීතර අල්ලාහ්ගෙන් ඔහුට ආවේණික වූ ඔහුගේ විවිධ අලංකාර නාමයන් අතුරින් විශේෂයෙන් ප්‍රර්ථනාවට උචිත නාමයන් උපයෝගි කරගනිමින් ප්‍රාර්ථනා කිරීම. උදාහරණයක් ලෙස, ඔහු අල්ලාහ්ගෙන් පෝෂණය ඉල්ලා සිටින්නේ නම් “යා රස්සාක්, පෝෂණය ලබා දෙන්නාණෙනි” යනුවෙන් ඇරයුම් කිරීම උචිත ය. ඔහු අල්ලාහ්ගෙන් කරුණාව ඉල්ලා සිටින්නේ නම්, “යා රහ්මාන්, යා රහීම්, කරුණාව දයාව ඇත්තාණෙනි” යනුවෙන් ඇරයුම් කළ යුතු ය. ඔහු අල්ලාහ්ගෙන් ගෞරවය ඉල්ලා සිටින්නේ නම්, එයට අදාළ නාමය වන “යා අසීස්, ගෞරවය ලබා දෙන්නාණෙනි” යනුවෙන් අයැඳ සිටිය යුතු ය. පාපක්ෂාවම අයැඳ සිටින්නේ නම්, එයට අදාල නාමය වන “යා ගෆූර්, සමාව දෙන්නාණෙනි” යනුවෙන් අයැඳ සිටිය යුතු ය. රෝග නිවාරණය ඉල්ලා සිටින්නේ නම් “යා ෂාෆී, රෝග නිවාරණය ලබා දෙන්නාණෙනි” යනුවෙන් අයැඳ සිටිය යුතු ය. මේ අයුරින්, ඒ ඒ ප්‍රාර්ථනාවට අදාළ නාමයන් හරහා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. “සැබැවින් ම අල්ලාහ්‌ට අලංකාර නාමයන් ඇත. ඒවා මඟින් ඔබ ඔහුට ඇරයුම් කරන්න.” (අල් අඃරාෆ්: 180)
6