5

අල්ලාහ් පිළිබඳ යහපත් හැඟීමක් ඇති ව දුආ ප්‍රාර්ථනාවෙහි නිරත විය යුතු ය. තම ප්‍රාර්ථනාව අල්ලාහ් පිළිගන්නා බව විශ්වාස කළ යුතු ය. නමුත්, තමා ප්‍රර්ථනා කළ විගසින් ම එය අල්ලාහ් ඉටු කර දිය යුතු යැයි නොසිතා, තම ප්‍රාර්ථනාවට අල්ලාහ් සැබැවින් ම පිළිතුරු දෙන බව තරයේ විශ්වාස කළ යුතු ය. ඒ බව හඟවන නබි වදනක් අබූ හුරයිරා (රළි) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ. “දාසයකුගේ ප්‍රාර්ථනාව, ඔහු ඉක්මන් නොවන තාක් සහ ඥාතී සම්බන්ධකම් බිඳ දමන ලෙස හෝ පාපකර්මයක් වෙනුවෙන් ප්‍රාර්ථනා නොකර සිටින තාක් අල්ලාහ් විසින් පිළිගනු ලැබේ.” එවිට අසල සිටි නබිතුමාණන්ගේ මිතුරකු “නබිතුමණි, ඉක්මන් වීම යනු කුමක් ද” යනුවෙන් විමසන ලදී. එවිට නබිතුමාණෝ “මම මේ මේ අයුරින් ප්‍රාර්ථනා කළෙමි. නමුත්, මාගේ ප්‍රාර්ථනාව පිළිගනු ලැබෙනු මම නොදුටුවෙමි යැයි පවසා, කනස්සල්ලට පත් ව, දුආ ප්‍රාර්ථනාව අත්හැරීම වේ” යනුවෙන් පැහැදිලි කළහ.

5/10