4

අල්ලාහ්ට ප්‍රශංසා කරමින් හා නබිතුමාණන් වෙත සලවාත් නොහොත් ශාන්තිය හා සමාදානය ප්‍රාර්ථනා කරමින් දුආ ප්‍රාර්ථනාව ආරම්භ කිරීම. මේ සඳහා පහත සඳහන් ෆළාලත් ඉබ්නු උබයිද් නම් නබි තුමාණන්ගේ මිතුරකු වාර්තා කළ නබි වදන සාධකයකි. එතුමා මෙසේ ප්‍රකාශ කර ඇත‍. පුද්ගලයකු සලාතයේ දී අල්ලාහ්ට ප්‍රශංසා නොකොට, නබි (සල්) තුමාණන් වෙත සලවාත් නොපවසා, ප්‍රාර්ථනා කරන අයුරු නබිතුමාණන්ගේ සවනට වැකුණි. එවිට නබි (සල්) තුමාණන් “ඔහු ඉක්මන් විය” යනුවෙන් පවසා, ඔහු අමතා මෙසේ පවසන ලදී. “ඔබෙන් කවරෙකු හෝ සලාතයේ නියැලී දුආ ප්‍රාර්ථනා කරන්‌නේ නම්, උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කර, පසුව නබි (සල්) තුමාණන් වෙත සලවාත් පවසා, එම ප්‍රාර්ථනාව ආරම්භ කළ යුතු ය. ඉනික්බිති ව, ඔහු අභිමත කළ දෑ ප්‍රාර්ථනා කළ හැකි ය.” විශේෂයෙන් ම අල්කුර්ආන් පරිච්ඡේදවල ආරම්භයේ සඳහන් ප්‍රශංසාත්මක වැකිවලින් අල්ලාහ් ව ප්‍රශංසාවට ලක් කර, පසුව නබි (සල්) තුමාණන් වෙත සලවාත් පවසා, පසුව ද විවිධ ප්‍රශංසාත්මක වැකිවලින් ප්‍රශංසා කර ප්‍රාර්ථනාවෙහි නිරත වන්නේ නම්, එම ප්‍රාර්ථනාව අල්ලාහ් පිළිගැනීමට වඩාත් සමීප ය. විවිධ ප්‍රශංසාත්මක වැකි පහළින් සඳහන් වේ.

4/10