3

දෑත් එසවීම.

මෙම ක්‍රියාපටිපාටි දෙක පිළිබඳ හඟවන නබි වදනක් පහත සඳහන් වේ. අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි) තුමා මෙසේ වාර්තා කරන ලදී. උමර් බින් අල්(ක)හත්තාබ් (රළි) තුමාණන් බද්ර් සටන පිළිබඳ මා හට දන්වා සිටියේය. එදින නබි (සල්) තුමාණන් දේව ආදේශිකයන් වෙත බැලුවේය. ඔවුන්ගේ ගණන දාහකි. එතුමාණන්ගේ මිතුරන් වෙත බැලුවේය. ඔවුන්ගේ ගණන තුන්සිය දහනවයකි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ කිබ්ලා දෙසට හැරී, දෑත් ඔසවා අල්ලාහ්ට ප්‍රශංසා කිරීමට පටන් ගත්හ. පසුව “යා අල්ලාහ්, ඔබ මා හට ප්‍රතිඥා දුන් දෑ ඉටු කරනු මැන! යා අල්ලාහ්, ඔබ මා හට ප්‍රතිඥා දුන් දෑ මා හට ලබා දෙනු මැන!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.

3/10