10

දුආ ප්‍රාර්ථනා පිළිගැනීමට ලක්වන වේලාවන්හි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම උත්සුක වීම. සම්මත වූ වදන් හරහා තහවුරු කරන ලද, දුආ ප්‍රාර්ථනාවේ නියැලීමට සුදුසු ස්ථාන සහ වේලාවන් කිහිපයක් පහත සඳහන් වේ. අදාන් හා ඉකාමා දෙක අතරතුර, අවසන් රාත්‍රී වේලාව, ජුම්ආ වේලාව, සෑම සලාතයක ම අවසානය, සුජූද් අවස්ථාව, වර්ෂාව පවතින අවස්ථාව, සිය මුස්ලිම් සහෝදරයා වෙනුවෙන් ඔහු නොසිටින අවස්ථාවක ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, දෙමාපියන් තම දූදරුවන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව, මගියකුගේ ප්‍රාර්ථනාව, අසාධාරණයකට ලක් වූ පුද්ගලයකුගේ ප්‍රාර්ථනාව.

10/10