1
සලාතය සඳහා වුළූ කර පිරිසිදු වනවාක් මෙන් පිරිසිදු ව සිටිමින් දුආ ප්‍රාර්ථනාවෙහි නියැලීම. ඒ සඳහා පහත සඳහන් නබි වදන සාක්ෂියක් ලෙස පවතී. එනම් අබූ ආමිර්තුමා, තමන්ගේ යහපත උදෙසා ප්‍රාර්ථනා කරන ලෙස නබිතුමාණන්ගෙන් ඉල්ලා සිටින මෙන් අබූ මූසාතුමාට උපදෙස් දුන්නේය. ඒ පිළිබඳ එතුමා නබිතුමාණන් වෙත දන්වා සිටි අවස්ථාවේ, නබිතුමාණන් ජලය ගෙන එන ලෙස ඉල්ලා සිටි අතර, එයින් වුළූ කර, පසුව දෑත් ඔසවා, මෙසේ ප්‍රාර්ථනා කිරීමට ඇරඹීය. “යා අල්ලාහ්, අබූ ආමිර් නැමැති ඔබේ ගැත්තාට ක්ෂමාව දෙනු මැන!” එවිට, එතුමාගේ කිහිල්ලෙහි සුදු වර්ණය මා හට පෙනෙන තරම් එතුමාණන් විසින් සිය දෑත් ඉහළට ඔසවන ලදී. පසුව, එතුමාණෝ මෙසේ ද ප්‍රාර්ථනා කළහ. “යා අල්ලාහ්, අවසන් දිනෙහි ඔබේ බොහෝ මැවීම්වලට හෝ මිනිසුන්ට වඩා ඉහළින් මොහු ව පත් කරනු මැන!”